හම්බන්තොට වරාය සම්බන්ධයෙන් චීනය හා ශ්‍රී ලංකාව අතර අත්සන් කිරීමට නියමිත ගිවිසුම තවදුරටත් පමා කිරීමට චීනය කටයුතු කර තිබේ. ඒ වරාය ගනුදෙනුව සම්බන්ධයෙන් පවතින නීති හා දේශපාලන ගැටලු අවසන් වන තෙක්ය.
මේ හේතුවෙන් වරාය සම්බන්ධයන් චීනය හා ශ්‍රී ලංකාව අතර අත්සන් කිරීමට නියමිත ගිවිසුම මාස ගණනක් පමා විය හැකි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
වරාය සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර අත්සන් කිරීමට නියමිත ගිවිසුමේ වටිනාකම ඩොලර් බිලියන 1.1කි.