හම්බන්තොට ජනතාව පදිංචිව සිටින ඉඩම්වලින් අක්කර 15,000ක් පවරාගන්නා බවට ඇතැම් දේශපාලන කණ්ඩායම් නගන චෝදනාවල කිසිදු සත්‍යතාවක් නැතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
එම කර්මාන්තපුරය ඉදිකිරීම සඳහා ඉඩම් අක්කර 1,500ක් යොදාගන්නා බවත්, එම ඉඩම් ජනතාව පදිංචි නැති මුඩු ඉඩම් බවත් අමාත්‍යවරයා පැවසීය. එසේම මහජනතාව පදිංචි ඉඩම්වලින් කිසිදු ඉඩම් කොටසක් හෝ පවරා නොගන්නා බවද අමාත්‍යවරයා කීය.
ඊයේ පස්වරුවේ (15දා) පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. හම්බන්තොට කර්මාන්ත පුරයේ වැඩකටයුතු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ධුරයට පත් වී වසර 02ක් පිරීම නිමිත්තෙන් ජනවාරි මස 07 වැනිදා ඉදිකිරීම් ආරම්භ කරන බවත්,චීනය ඇතුළු රටවල් ගණනාවක ආයෝජකයන් විශාල පිරිසක් ඒ සඳහා එක්වන බවත් ඇමතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.