හම්බන්තොට දිස්ත්‍රික්කයේ අටදාහකට අධික ප්‍රමාණයකට ස්ථිර වැසිකිළියක් නොමැති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තෝරාගත් ග්‍රාමනිලධාරී වසම් 12 ක වැසිකිලි නැති 150 දෙනෙකු හට සනීපාරක්ෂක කටයුතු වෙනුවෙන් රුපියල් තිස්දහසක් (30000)බැගින්වූ චෙක්පත් ලබා දීම වෙනුවෙන් අද (23දා) පැවැති උත්සවයකදීය.
අගුණකොලපලැස්ස පුරහලේදී මෙම උත්සවය පැවැත්විණ. පසුගිය රජයේ මෙන්ම වත්මන් රජයේද අමාත්‍යවරයෙකු වන තමන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ 8000කට අධික ප්‍රමාණයකට වැසිකිළි පහසුකම් නොමැතිවීම ගැන කනගාටුවන බවද ඔහු සඳහන් කළේය.