හබරණ විදුහලේ විරෝධයට පොලීසිය මැදිහත් වෙයි
හබරණ හිරිවඩුන්න ආදර්ශ ප්‍රාථමික විදුහලේ ගුරුවරියක මාරු කළේ යැයි චෝදනා කරමින් එම ගුරුවරිය නැවත ඉල්ලා විද්‍යාලයට ඇතුළු වූ දෙමාපියන් පිරිසක් විදුහල්පතිවරයා ඇතුළු ආචාර්ය මණ්ඩලය විදුහල්පති කාමරයට දමා පැය දෙකක පමණ කාලයක් සිරකර තිබියදී හබරණ පොලීසිය පැමිණ අද (28දා) දින උදේ මුදවා ගත්හ.
මෙම විද්‍යාලයේ තුන්වැනි වසරේ ඉගැන්වූ ගුරුවරියට වෙනත් පාසලකට ස්ථාන මාරු ලබාදී තිබේ. විද්‍යාලයට ඇතුළු වූ දෙමාපියන් ගුරුවරුන් සිර කිරීමෙන් පසු දරුවන්ට විරෝධතා බැනර්, පෝස්ටර් ලබාදී දරුවන්ද උද්ඝෝෂණයට පොළඹවා තිබිණි.
පසුව හබරණ පොලීසිය මැදිහත් වී පාසල් භූමියේ සිටි දෙමාපියන් පාසල් භූමියෙන් පිටතට යවා උද්ඝෝෂණයේ නිතර වී සිටි දරුවන් පංතිවලට යැවීමට කටයුතු කළහ. ඒ අවස්ථාවේදී දෙමාපියන් හා පොලීසිය අතර උණුසුම් තත්ත්වයක් ඇතිවූ අතර, පොලීසිය කියා සිටියේ දරුවන් උද්ඝෝෂණවලට යොමු කිරීම වැරදි පූර්වාදර්ශයක් බවයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

