සැහැල්ලු ගුවන් යානා ගොඩබෑම සඳහා හපුතලේ තොටලාගල, සේවුඩ් වතුයායේ නව ගුවන්තොටුපළක් ඉදිකිරීමට නියමිත බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය පවසයි.
රුපියල් මිලියන 700ක් පමණ වැයකරමින් දිගින් කිලෝමීටර් 1.2ක් හා පළල කිලෝමීටර් 75ක් වන ගුවන් පථයකින්ද, පර්යන්ත ගොඩනැගිල්ලකින්ද සමන්විත නව ව්‍යාපෘතිය සම්බන්ධව සිවිල් ගුවන් සේවා අධිකාරිය ශක්‍යතා අධ්‍යයනයක් සිදුකිරීමට නියමිත බවද එම අමාත්‍යාංශය කියයි.
ඇල්ල-බණ්ඩාරවෙල-නුවරඑළිය-බදුල්ල-දියතලාව ආදී ප්‍රදේශවලට පැමිණෙන සංචාරකයන් ඉලක්ක කරගෙන නිර්මාණය වන ගුවන්තොටුපළේඉදිකිරීම් කටයුතු සඳහා ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය,සිවිල් ගුවන් සේවා අධිකාරිය,නාගරික සංවර්ධන අධිකාරිය සහ මාර්ග සංවර්ධන අධිකාරිය යන රාජ්‍ය ආයතන මේ සඳහා දායක වන බවද එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.