එළඹෙන මාස කිහිපය තුළ ප්‍රමුඛතාව ලබා දිය යුතු කාර්යයන් කෙරෙහි අවධානය යොමු කරමින් එම කාර්යන් මෙම වසර අවසන් වීමට පෙර නිම කිරීමට කටයුතු කළ යුතු බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද (17දා) පැවසීය.
හෙතෙම මේ බව පැවසුවේ, සිංහල, දෙමළ අලුත් අවුරුදු උත්සවය වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවැති උත්සවයට සහභාගි වෙමිනි.
ඒ අනුව ගුරු තුලනය ඇතිකිරීම, පාසල් සිසුන් සඳහා නවීන ඩෙස් පුටු ලබාදීම, වසර 13ක අඛණ්ඩ අධ්‍යාපනය ලබාදීම ඇතුළු කාර්යයන් කෙරේ ප්‍රමුඛත්වය ලබා දිය යුතු බව ඒ මහතා පවසා සිටියේය.
මෙම අවස්ථාව සඳහා අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා සහ අතිරේක ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් ඇතුළු සියලුම මාණ්ඩලික නිලධාරීහු එක්ව සිටියහ.