කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා අද (22දා) කතානායකවරයාට යොමුකළ ලිපිය පිළිබඳ අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ එමගින් පාර්ලිමේන්තුවේ කෝප් කමිටු වාර්තාව පිළිබඳ සාවද්‍ය මතයක් ජනගත කිරීමට උත්සාහ දරා ඇති බවයි.කෝප් වාර්තාව නීතිපතිවරයා වෙත යොමු කරන බව විෂයභාර අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහා කථානායකවරයාට වාචිකව දැන්වූ බවද එම නිවේදනයේ සඳහන් වෙයි.
එසේම නීතිපතිවරයා විසින් ඉල්ලා සිටි වෙනත් වාර්තා සහ අදාළ ලිපිලේඛන දකථානායකවරයාගේ අවසරය මත නීතිපතිවරයා වෙත යොමුකරන ලෙස අග්‍රාමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට දැනුම්දුන් බවත්, ඒ පිළිබඳ අවස්ථා කීපයකදීම අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුව දැනුවත් කළ බවත් නිවේදනයේ දැක්වෙයි.
කෝප් කමිටු වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීමටද අග්‍රාමාත්‍යවරයා එකඟතාව ප්‍රකාශ කළ බවත්,එම අවස්ථාවලදී කථානායක බලතල භාවිත කළ බවට කිසිදු අදහසක් ප්‍රකාශ නොකළ හඳුන්නෙත්ති මහතා දැන් එවැනි තර්කයක් ගොඩනැංවීමට තැත් කරන බවත් එහි සඳහන් වෙයි.
විෂයභාර අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍යවරයා විසින් කමිටු වාර්තාව නීතිපති වෙත යොමු කිරීම නීත්‍යනුකූල ක්‍රියාවක් බව පෙන්වා දෙන අග්‍රාමාත්‍ය කාර්යාලය තමා යටතේ සේවය කරන නිලධාරීන්ට එරෙහිව චෝදනා නැගුණු අවස්ථාවක ඒ පිළිබඳ ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ නීතිපති මතය විමසීම සාමාන්‍ය සම්මතය බවද සඳහන් කරයි.
පාර්ලිමේන්තු කෝප් කමිටු සභාපතිවරයා අගමැතිවරයාට චෝදනා කළද,දෙසැම්බර් 08වැදා ඔහුගේම කමිටුවේ ලේකම්වරිය විසින්ද කෝප් කමිටු වාර්තාව නීතිපති වෙත යොමු කර ඇති බවද එමගින් පෙන්වාදෙයි.