දිවයිනට බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීමට අවශ්‍ය නොමැති බවත්, සිදුකළ යුත්තේ හැකි ඉක්මනින් ජනතාව බේරාගැනීම බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
අද (19දා) අරලියගහ මන්දිරයේදී පැවති මාධ්‍ය හමුවකදී අගමැතිවරයා මේබව සඳහන් කළේය.
ලෝක කාලගුණික තත්ත්වය වෙනස්වීම හේතුවෙන් මෙරටට නව ආපදා කළමනාකරණ සැලැස්මක් අවශ්‍ය වී ඇති බවත්, බලපා ඇති ආපදා තත්ත්වය පහව ගිය පසු එම කටයුතු ආරම්භකරන බවත් අගමැතිවරයා එහිදී පැවසීය.
ආපදා පවතින ප්‍රදේශවල නීතිය හා සාමය ආරක්ෂා කිරීම සඳහා හමුදාව යොදවන බවත්,ආපදාවන්ට ලක්වූ සැම වෙනුවෙන්ම රජය වන්දි මුදල් ලබාදෙන බවත් වික්‍රමසිංහ මහතා ප්‍රකාශකළේය.