කොළඹ ජාතික රෝහලේ හෘද ඒකකයේ පසුගිය (28දා) දින හදවත් සැත්කම්වලට ලක් කළ රෝගීන් 06 දෙනෙකුගේ 04 දෙනෙක් මියයාම පිළිබඳ සොයා බැලීම සඳහා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් පරිදි ත්‍රිපුද්ගල කමිටුවක් සෞඛ්‍ය අමාත්‍යාංශය පත්කර ඇත.
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක මෙම විමර්ශන කමිටුවට නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය සේවා 01 වෛද්‍ය ලක්ෂ්මී සී. සෝමතුංග මහත්මිය, අධ්යක්ෂ (රසායනාගාර සේවා) ජේ.එච්.එම්.කේ.කේ.බී. කමල් ජයසිංහ මහතා, ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (හදිසි වැටලීම්) රෝහණ සිල්වා මහතා එම කමිටුවට ඇතුළත් වෙති.
මෙම මරණ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා අදාළ වාර්තාව අද (30දා) දිනය තුළ සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදිය යුතු වෙයි.