හදවතට එකඟව කටයුතු කරන දේශපාලකයින් විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් එක මතයකට එනු ඇතැයි තමා විශ්වාස කරන බව අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා සඳහන් කරයි.
හබරාදුව ආසනයේ හබරාදුව සහ ඉමදුව ප්‍රා දේශීය සභා සදහා තේරී පත් වු ශ්‍රීලනිප පළාත් පාලන මන්ත්‍රීවරුන් දිවුරුම් දීමෙන් පසුව පැවති උත්සවයේ දී වැඩිදුරටත් අදහස් දැක් වු අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා මෙසේ ද පැවසීය,
"අද කවුරුත් අහන්නේ විශ්වාසභංගයට සහය දෙනවා ද කියන එක ගැන. අපි හැමදාම ගත්තේ ජනතාවගේ පැත්ත මෙතනදීත් එහෙම තමයි. ඒක ජනතාවගේ අදහස, ජනතාවගේ හදවතේ තියෙන්නේ මොකක්ද ඒක එහෙම වෙයි. රටේ ජනතාවගේ හිතේ තියන දේ මොකද්ද කියලා තේරුම් ගත්තොත් මම හිතන්නේ රටක් විදියට අපිට ඉස්සරහට යන්න හැකියාව ලැබෙයි.
රජයක්වි දියට ඉස්සරහට යන්න අවස්ථාවක් ලැබෙයි. අපි කියන්න පූළුවන් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මතය. බොහෝ විට හෙට වෙනකොට අපිට කියන්න පුළුවන්කම ලැබෙයි. ඉතාම පැහැදිළිව කියනවා මේ රටේ හදවතට එකඟව කටයුතු කරන සියළු දේශපාලඥයන් සියළු දෙනා එක තයකට ඒවි කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්.” අමාත්‍යවරයා සඳහන් කළේය.
හබරාදුව නිමල් අල්ගෙවත්ත