නව අදායම් බදු පනත ක්‍රියාත්මක වීමත් සමග බදු ගෙවීම සඳහා පුද්ගලයන් 40,000ක් පමණ අලුතෙන් බදු ලිපිගොනු විවෘත කර ඇතැයි මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.
ඉදිරි වසර තුළ එය ලක්ෂය ඉක්මවනු ඇතැයිද වාර්තා වෙයි.
නව ආදායම් බදු පනත ක්‍රියාත්මකවීමත් සමග බොහෝ දෙනෙකුට බදු ලිපිගොනු විවෘත කිරීමට පියවර ගෙන තිබිණි.
එසේ ලිපිගොනු විවෘත කළද බදු ගෙවීමට අවශ්‍ය නොවන පුද්ගලයන්ගේ බදු ලිපිගොනු ඉවත් කිරීමට කටයුතු කෙරේ.
කෙසේ වෙතත් නව ආදායම් බදු පනතේ යම් යම් අඩුපාඩු විවිධ අංශ පෙන්වා දී ඇති අතර, ඉදිරියේදී එම අඩුපාඩු සකස් කිරීමට පියවර ගන්නා බවද මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග පැවසීය.
නිශාන්ත කුමාර බණ්ඩාර (ඉරිදා ලංකාදීප)