හංවැල්ල ප්රදේශයේ සිය නිවස තුළ කැපුම් තුවාල සහිතව මියගොස් සිටි මවක සහ දියණියකගේ මෘත ශරීර අද (19දා) පොලීසිය සොයා ගෙන තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ හංවැල්ල, වැලිපිල්ලෑව, මඟුලවග, අංක 196 යන ලිපිනයේ පදිංචි රූපසිංහ ආරච්චිගේ මේරී රාණි නමැති 68 හැවිරිදි මවක සහ සෙනරත් ලියනගේ ලක්මිණි ශ්රියාකාන්ති නමැති 38 හැවිරිදි ඇයගේ දියණියයි.
මෙම ඝාතනයන් දියණියගේ ස්වාමිපුරුෂයා වන බලවත් බණ්ඩලාගේ චාමර යශෝද බණ්ඩාර යන අය විසින් ඊයේ (18දා) සිදුකොට ඇති බවත් ලද තොරතුරකට අනුව පොලිස් නිලධාරීන් අදාළ නිවසට යන විටත් දියණියගේ මාස 04ක පමණ වයසැති දරුවා තනිව කුසගින්නේ සිටි බවත් පොලීසිය සඳහන් කරයි.
සැකකරු සොයා මේ වන විට විමර්ශන සිදු කරන අතර කුඩා දරුවා ප්රතිකාර සඳහා රෝහල්ගත කොට තිබේ.