විරෝධතාකරුවෝ මාර්ගයෙන් ඉවත්වෙති
(UPDATE) හංවැල්ල - අවිස්සාවෙල්ල මාර්ගය අවහිර කරමින් විරෝධතාවයේ නිරත වූ විරෝධතාකරුවන් හා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා අතර ඇතවූ සාකච්ඡාවකින් අනතුරුව මාර්ගයෙන් ඉවත්වීමට විරෝධතාකරුවන් තීරණය කර තිබේ. එසේම අත්අඩංගුවට ගත් ප්‍රදේශවාසීන් නිදහස් කරන බවටත් අනුර සේනානයක මහතා ප්‍රකාශ කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් පස්දෙනෙක් හා පොලිස් නිළධාරින් අතර සාකච්ඡාවක්ද ආරම්භකර තිබේ.
තිලක් ඇල්විටිගල
...................................................................................................................................................
හංවැල්ල, තුන්නාන ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන කර්මාන්ත ශාලාවකට එරෙහිව ප්‍රදේශවාසීන් ආරම්භ කර ඇති විරෝධතාව විසුරුවා හැරීම සඳහා පොලීසිය විසින් කඳුලු ගෑස් හා ජල ප්‍රහාරයක් අද (16 දා) උදෑසන එල්ල කරන ලදී.
කෙසේ නමුත් ප්‍රදේශවාසීහු මාර්ග අවහිර කරමින් තවමත් විරෝධතාවයේ නිරත වෙමින් සිටිති. එසේම විරෝධතාවයට එක්ව සිටි පුද්ගලයින් 20 දෙනෙක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
මීගොඩ ඩී.එන්. රෙක්සි
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
