වසර හතරක පමණ කාලයකට පෙර සෞදි අරාබියේ ආයතනයක කම්කරුවන් ලෙස පැමිණ විවිද දුෂ්කරතා මධ්‍යයේ අවතැන් වෙමින් සිටි ශ්‍රී ලාංකිකයින් හත් දෙනෙකු රියාද් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මැදිහත් වීමෙන් සතියක් ඇතුලත වහාම ශ්‍රී ලංකාවට යැවීමට පියවර ගන්නා ලදී.
පසුගිය සතියේ(7) නැගෙනහිර පළාත තානාපති ජංගම සේවාව පැමිණි මෙම තරුණයන් කම්කරු නිලධාරි රොෂාන් ගුනවර්ධන න මහතා ඉදිරියේ පැවසුවේ මිට වසර හතරකට පෙර රියාල් 700 ක වැටුපකට කම්කරුවන් ලෙස පැමිණියද ආහාර පාන සහ අනිකුත් පහසුකම් නොමැතිව තමන් ඇතුළු කණ්ඩායම වසර දෙකක පමණ කාලයක් ඇති දුෂ්කර ලෙස රාජකාරිය ඉටුකලද ඉතාම සොච්චම් පටුපක් වන එම මුදලෙන් කිසිවක් කරගත නොහැකි නිසා අපි අටදෙනාම එම ආයතනයෙන් පලා ගොස් විවිද ස්ථානවල රැකියාවන් කරමින් කල්ගෙවූ නමුත් කිසිදු ලියවිල්ලක් අප සන්තකයේ නොමැති බැවින් ලංකාවට යාම සදහා තානාපති කාර්යාලයට පැමිණි බවයි.
ලලිත් ප්‍රේමලාල්