සෞදි අරාබියේ මෙදිනා හි මුහම්මද් තුමාගේ සොහොන පිහිටි දේවස්ථානය අසල සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය ඇතුළුව සඳුදා දිනයේ සිදුවූ ප්‍රහාර ත්‍රිත්වය එරට ඉස්ලාමීය ආගමික නායකයෝ දැඩිව හෙළා දැක තිබේ.
සෞදියේ උලේමා ජ්‍යෙෂ්ඨ කවුන්සිලය පවසා ඇත්තේ මෙම බෝම්බකරුවන් ශුද්ධ භූමියක් කෙළෙසා ඇති බවයි.
මෙදිනා දේවස්ථානය අසල සිදුවූ බෝම්බ පිපිරීමේදී එහි සිටි ආරක්ෂකයන් සිවුදෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, ජෙඩාහ් සහ ඛාටිෆ් නගරවල සිදුවූ පිපිරීම්වලදී මරාගෙන මැරෙන බෝම්බකරුවන් පමණක් ජීවිතක්ෂයට පත්වූහ.
මෙම ප්රහාරයන්ගේ වගකීම කිසිවෙකු විසින්වත් භාරගෙන නොතිබුණත්, මෙයත් රාමසාන් සමයේ තම ප්‍රහාර මාලාව දියත් කළ IS ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන්ගේ ප්‍රහාරයක් බවට විශ්වාස කෙරෙයි.
සුන්නි මුස්ලිම් ජිහාඩ් අන්තවාදීන්ගෙන් යුතු IS ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන් මීට පෙර පවසා තිබුණේ සෞදි රජ පෙළපත පෙරළා දමන බවයි. ඒ අනුව, එම ත්රස්තයන් මීට පෙරද ගල්ෆ් රාජ්‍ය තුළ බෝම්බ ප්‍රහාර දියත් කළ අතර, ඔවුන්ගේ මූලික ඉලක්කය සුළුතර ෂියා මුස්ලිම්වරුන් විය.