සෞදියේ නව රජු විසින් කැබිනට් මණ්ඩලයේ වෙනස් කිරීමක් සමග තමාගෙන් පසු ඔටුන්න හිමි කුමාරයා නම් කර තිබේ.
සල්මාන් රජු විසින් ඔහුගේ බෑනාවරයෙකු වූ එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍ය මොහොමඩ් බින් නයේෆ් මේ ආකාරයෙන් ඔටුන්න හිමි කුමරා ලෙස නම් කර ඇති බව විදෙස් පුවත් සේවා පවසයි.
එමෙන්ම රජුගේ පුත්‍රයා වන මොහොමඩ් බින් සල්මාන් ඔටුන්නේ දෙවැනි හිමිකාරීත්වයට පත්කර ඇති අතර, එරට විදේශ අමාත්‍ය සවුඩ් අල්-ෆයිසාල් තනතුරින් ඉවත් කර තිබේ.
78 වැනි වියෙහි පසුවන සල්මාන් පසුගිය ජනවාරි මාසයේදී එරට නව රජු ලෙස් පත්වූයේ සිය සහෝදරයා වූ අබුද්ල්ලා බින් අබ්දුල් අසීස් මියයෑමත් සමගිනි.