සෞදි අරාබියේ අබ්දුල්ලා බින් අබ්දුල්ලාසිස් රජු රෝහල්ගතව සිටියදී කළුරිය කළ බව එරට රාජකීයයන් පවසයි.
අද උදෑසන ඒරට රජ පවුල විසින් නිකුත් කළ නිවේදනය දැක්වෙන්නේ රජුගේ සොහොයුරා වූ සල්මාන් කුමරු මීළඟ රාජ්‍යයත්වයට පත්වන බවයි.
90 වැනි වියෙහි පසුවූ අබ්දුල්ලා රජු පෙනහලු ආශ්රිත ආසාදනයක් හේතුවෙන් දැනට සති කිහිපයක සිට රෝහල්ගතව සිටියේය.
2005 වසරේදී සෞදියේ රජ කිරුළ හිමිවූ අබ්දුල්ලා පසුගිය කාලයේ නිතර රෝගාතුරව පසුවූ බව වාර්තා වෙයි.