සෞදි ශ්රී ලංකා තානාපති සෞදියෙන් සමුගනියි
සෞදි අරාබියේ ශ්රී ලංකා තානාපති හුසේන් මොහොමඩ් මහතා ශ්රී ලංකා තානාපති දුරයෙන් සමු ගෙන ඊයේ (13දා) ශ්රී ලංකාව බලා නික්ම ගිය බව රියාද් ශ්රී ලංකා තානාපති කාර්යාලය පවසයි.
හිටපු තානාපති වඩිවේල් ක්රිෂ්ණමුර්ති මහතාගෙන් හිස්වූ සෞදි තානාපති දුරයට පත්වූ හුසේන් මොහොමඩ් මහතා සෞදි අරාබියේ ශ්රී ලංකා තානාපති ලෙස පැමිණියේ පසුගිය වසරේ ජුලි මස 17 වැනි දිනයි.
මාස 13 ක් වැනි කෙටි කාලයක් තුලදී සෞදි අරාබියත් ශ්රී ලංකාවත් අතර මනා රාජ්යතාන්ත්රික සබතතාවයක් ගොඩනැගීමට අගනා මෙහෙවරක් ඉටුකළ මොහොමඩ් හුසේන් මහතා දෙරට අතර සංචාරක ව්යාපාරය මෙන්ම වෙළද සහ ව්යාපාර කටයුතු ඉහල නැංවීමට මහත් වෙහෙසක් දරු රාජ්යතාන්ත්රික නිලධාරියෙකි.
විශේෂයෙන්ම සෞදි අරාබියේ වෙසෙන ශ්රී ලාංකික කතුන් පිලිබදව විශේෂ උනන්දුවක් දැක්වූ එතුමා ගෘහ සේවිකාවන් ලෙස පැමිණෙන කාන්තාවන් මුහුණ දෙන ප්රශ්න සහ ගැටළු වෙනුවෙන් දෙරට අතර නව ගිවිසුම් කිහිපයක්ම දියත් කිරීමට මුල්වී ක්රියා කල රාජ්ය නිලධාරියෙකි.
ලලිත් ප්රේමලාල් සෞදි අරාබියේ සිට
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

