සෞදි ආරාබියේ සේවයට ගොස් විවිධ හේතූන් නිසා අතරමං වී ශ්‍රී ලංකාවට ඒමට නොහැකිව බොහෝ කාලයක් එරට ශුභ සාධන කඳවුරුවල වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට මෙරටට පැමිණීම සඳහා ඉක්මනින්ම පිටවීමේ බලපත්‍ර ලබාදීමේ ක්‍රියාවලියක් ඇති කිරීමට සෞදි රජය එකඟතාවයට පැමිණ තිබේ.
විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සෞදි අරාබියේ සිදුකළ සංචාරයේදී එරට කම්කරු අමාත්‍ය මොෆර්රෙජ් සාඩ් අල්- හොකුබානි මහතා සහ එරට ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අහ්මඩ් අල් සලීම් මහතා සමග සිදුකළ සාකච්ඡා වලදී පෙන්වා දුන්නේ ශ්‍රී ලාංකිකයින් යම් ප්‍රමාණයක් අතරමං වී එරට ශුභ සාධන කඳවුරුවල සිටින බවත් ඔවුන්ට ලංකාවට පැමිණීමට බලපත්‍ර ලබාදීමේ ප්‍රමාදය නිසා සමහර අවස්ථාවල බොහෝ කාලයක් ඔවුන්ට රැඳී සිටීමට සිදුව තිබෙන බවයි.
මෙම කරුණු දැක්වීමට යහපත් ප්‍රතිචාරයක් ලබාදෙමින් එසේ ශුභ සාධන කඳවුරුවල වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට මෙරටට පැමිණීමට අවශ්‍ය බලපත්‍ර ලබාදීම වේගවත් කිරීමේ ක්‍රියාවලියක් ඇති කිරීමට සෞදි රජය එකඟත්වය පළ කරතිබේ.
මීට අමතරව, සෞදි ආරාබියේ සේවය කරන ශ්‍රී ලාංකිකයින්ගේ රැකියාවල තොරතුරු වරින් වර ශ්‍රී ලංකාව සමග බෙදා ගැනීමට මෙම අමාත්‍යවරුන් එකඟත්වය පළකරන ලදී. මේ නිසා, සෞදි ආරාබියේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ඉදිරියේදී මෙම තොරතුරු භාවිතා කරමින් ශ්‍රී ලාංකිකයින්ගේ ශුභ සාධන ගැටලු කඩිනමින් විසඳීමේ අවස්ථාව හිමිවනු ඇත. මේ වනවිට, එරට සේවයේ යෙදී සිටින ශ්‍රී ලාංකිකයින්ගේ තොරතුරු ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට මේ ආකාරයෙන් විධිමත්ව නොලැබේ.