සෞඛ්‍ය සේවා වන වෛද්‍ය උපදේශන ගාස්තු, චැනලින් ගාස්තු හා රෝහල් ගාස්තු සඳහා පනවා ඇති වැට් බද්දෙන් එම සේවාවන් නිදහස් කිරීම පිළිබඳව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (13දා) රැස්වූ ජාතික ආර්ථික සභාවේදී සාකච්ඡා වී ඇත. ඒ අනුව ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී තවදුරටත් සාකච්ඡා කර අවසන් තීරණයක් ගැනීමට එහිදී තීරණය වී තිබේ.
එසේම ආනයනික සෙරමික් සනීපාරක්ෂක භාණ්ඩ සඳහා පනවා තිබූ සෙස් බද්ද ඉවත්කිරීම හේතුවෙන් ආනයනය කෙරෙන එම භාණ්ඩවල මිළ සමග දේශීය නිෂ්පාදකයාට තරග කළ නොහැකි වීමෙන් එම කර්මාන්ත කඩා වැටීමේ ඇති අවධානම පිළිබදව ද මෙහිදී අවධානය යොමුවිය. ඒ අනුව පෙර පැවති සෙස් බද්දේ අගයට සමාන අගයකින් රේගු ආනයන බද්දක් පැනවීමට ඇති හැකියාව පිළිබ`දව සාකච්ඡාවට බඳුන් විය.