පැය 48 ක වර්ජනයක් හා අඛණ්ඩ වර්ජනයක් අරඹයි
සෞඛ්‍ය සේවයේ කනිෂ්ඨ කාර්යමණ්ඩලය ඇතුළු ශ්‍රේණි 60කට අධික සංඛ්‍යාවකට බලපා තිබෙන වැටුප් විෂමතා සහ හිඟ වැටුප් ලබානොදීම ඇතුළු ඉල්ලීම් 05 ක් මුල් කරගනිමින් වෘත්තීය සමිති
22 ක් විසින් අද (20දා) සිට වැඩ වර්ජන ක්‍රියාමාර්ග ආරම්භ කර තිබේ.
මේ අනුව සමස්ත ලංකා සුවසේවා සංගමය අද (20දා) සිට ආරම්භ කර තිබෙන වැඩ වර්ජනය ඉල්ලීම් ලැබෙනතුරු පවත්වාගෙන යාමට කටයුතු කරන බව එම සංගමයේ සභාපති දේවගේ ජයලාල් මහතා සඳහන් කළේය.
වෘත්තීය සමිති 21කින් සැදුම්ලත් ඒකාබද්ධ වෘත්තීය සමිතිය සඳහන් කරන්නේ තම සන්ධානය උදේ 6.30 සිට පැය 48 ක වැඩ වර්ජන ක්‍රියාමාර්ගයක් දියත් කරන බවයි.