බෝවන රෝගවලට ගොදුරුව පෞද්ගලික රෝහල්වලට ඇතුළත්වන රෝගීන් පිළිබඳ සියලුම දත්ත සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදිය යුතු බව පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා නියෝග කර ඇත.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආයතන ප්‍රධානීන්ගේ රැස්වීමේදී ඇමතිවරයා මේ බව සඳහන් කර තිබේ.
ඒ අනුව පෞද්ගලික රෝහල් නියාමන සභාව හරහා සියලුම පෞද්ගලික රෝහල් මේ පිළිබඳව දැනුවත් කරන ලෙසත් ඒ මහතා නිලධාරීන්ට උපදෙස් දී ඇත.
එවැනි රෝගීන් පිළිබඳ තොරතුරු ලබාගැනීමෙන් නව වෛරස හඳුනා ගැනීම, ප්‍රතිකාර ක්‍රමවේද ආරම්භ කිරීම, පැතිරයාම වැළැක්වීමට අවශ්‍ය පියවර ගැනීමට හැකියාව ඇති බවද සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත.