ඉන්ෆ්ලුවෙන්සා රෝගයට ලබාදීමට ගෙන ආ ඖෂධ ප්‍රමිතියෙන් තොරවීමට සෞඛ්‍ය ඇමැතිවරයා සෘජුව වගකිව යුතු නිසා ඔහු සිය තනතුරින් ඉවත් විය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
දකුණ පළාතේ හා රත්නපුර ප්‍ර‘දේශවල පැතිර යන මෙම රෝගය තවමත් පාලනය කිරීමට නිසි වැඩපිළිවෙළක් නොමැති බවත් මෙවන් තත්ත්වයක් ඇති වී තිබෙන්නේ සෞඛ්‍ය බලධාරීන්ගේ පවතින නොහැකියාව නිසා බවද එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවින්ද සොයිසා මහතා අද (19දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.
වෛද්‍යවරුන්ගේ සහා සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල කැපවීම නිසා රෝගී ජීවිත සුරක්ෂිත වී තිබෙන බවද හෙතෙම වැඩිදුරටත් පවසා සිටියේය.