සෞඛය අමාත්‍යාංශයේ මූල්‍ය පරිපාලනයට වෙනම අධ්යක්ෂ ජනරාල්වරයෙක් පත්කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. කළුතර රෝහලේ පැවැති උත්සවයකදී ඔහු මේ බව පවසා සිටියේය.
“සෞඛ්‍ය අමාත්‍යාංශයේ මුදල් පාලනය කිරීමට වෙනම අධ්යක්ෂ ජනරාල්වරයෙකු ඉදිරියේදී පත්කරනවා. සෞඛ්‍ය සේවාව නිසි පරිදි ජනතාවට ලබාදීම හා කඩිනම් කිරීම එහි අරමුණයි.
2020 වසර වනවිට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 4 ක් සෞඛ්‍ය සේවාවට ලබාගැනීම මගේ එක් අරමුණක්. කොළඹ ජාතික රෝහල කේන්ද්‍ර කරගනිමින් හෘද රෝගීන්ට ඇටමිදුළු බද්ධ කිරීම කඩිනමින් ආරම්භ කරනවා. ඒ සඳහා සාකච්ඡා පවත්වනවා.‘‘