කොටිකාවත්ත මුල්ලේරියාව හිටපු ප්‍රාදේශීය සභා සභාපති හා අවිස්සාවෙල්ල දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක වන ප්‍රසන්න සෝලංගආරච්චි මහතාට ආරක්ෂක නිලධාරීන් තිදෙනෙකුගේ සේවය ලබා දී ඇතැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම්. මරික්කාර් මහතා පාර්ලිමේන්තුවේදී අද (09දා) හෙළි කළේය.
නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක මහතාට ප්‍රශ්නයක් යොමුකරමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ ආසන සංවිධායකවරයෙකුට ආරක්ෂක නිලධාරීන් තිදෙනෙකුගේ සේවය ලබාදෙන්නේ මන්දැයි යනුවෙනි.
එයට පිළිතුරු දුන් සාගල රත්නායක මහතා පැවැසුවේ තමන් ඒ පිළිබඳව නොදැනුවත් බවත් ඒ පිළිබඳව සොයා බලන බවත්ය.