සෝමවංශ අමරසිංහ මහතාගේ අභාවයෙන් හිස්වූ ජනතා සේවක පක්ෂයේ නායකත්වය සඳහා එම පක්ෂයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ ජයන්ත විජේසිංහ මහතා පත්කර ඇතැයි වාර්තා වේ.
ජයන්ත විජේසිංහ මහතාගෙන් මේ පිළිබඳව කළ විමසීමකදී ඔහු එම කරුණ සනාථ කළ අතර, පුළුල් වැඩපිළිවෙළක් සකස් කර පක්ෂයේ සංවිධාන කටයුතු සිදුකරන බවද ඔහු කීය.
පක්ෂයක් ලෙස ආරම්භයේදී ඇතිකරගත් ප්රතිපත්තිවල වෙනසක් සිදුනොවන බවද ඒ මහතා සඳහන් කළේය. පක්ෂයේ ඉදිරි ක්රියාමාර්ග සම්බන්ධව දින කිහිපයක් ඇතුළත රටට දැනුම්දෙන බවද හෙතෙමපවසාසිටියේය.