ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සෝමවංශ අමරසිංහ මහතා ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත්වීමට ගත් තීරණය ඔහුගේ පෞද්ගලික තීරණයක් බව ජනතා විමුක්ති පෙරමුණ දන්වා සිටියි.
එම තීරණයට ජනතා විමුක්ති පෙරමුණ එකඟ නොවන බවත්, එම තීරණය වෙනස් කරගැනීමට ඒ මහතා සමග උපරිමයෙන් සාකච්ඡා කරන බවත් පක්ෂය දන්වා සිටියි. තවද සෝමවංශ මහතා පක්ෂයෙන් ඉවත්වීම පක්ෂයේ අභ්‍යන්තර අර්බුදයක් නොව ඔහුගේ පෞද්ගලික තීරණයක් බවද පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.