සෝම හිමි 13 වැනි අනුස්මරණ පුණ්‍ය මහෝත්සවය කතරගම කිරිවෙහෙර පරිශ්‍රයේදී අද (11දා) පැවති අතර, එහිදී සෝම හිමියන් අනුස්මරණය කරමින් ඖෂධ පැල දස දහසක් (10,000) කතරගම කිරිවෙහෙර පුණ්‍ය භූමිය ආශ්‍රිතව රෝපණය කිරීම සිදුකෙරිණි.
සෝම හිමි චින්තන එකමුතුව සංවිධානය කළ මෙම පුණ්‍ය මහෝත්සවය, මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවට අයත් අක්කර 30 ක භූමි භාගයක මෙම රුක්රෝපණ වැඩසටහන සිදුකෙරුණු අතර එහි නඩත්තු කටයුතු ද ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව මගින් සිදු කිරීමට නියමිතය.