හුස්ම ගැනීමේ අපහසුතාවක් ඇතුළු රෝග තත්ත්වයන් කිහිපයක් මත ඊයේ (10දා) කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමිපාණන්ගේ තත්ත්වය බරපතළ නොවුනත් දැඩි සත්කාර ඒකකයේ රඳවාගෙන ප්‍රතිකාර ලබාදෙන බව කොළඹ, ජාතික රෝහලේ හෙද නිලධාරී පුෂ්පා රම්‍යා ද සොයිසා මෙනවිය සඳහන් කළාය.
හුස්ම ගැනීමේ අපහසුතාවකට අමතරව තවත් රෝග තත්ත්වයන් කිහිපයක් මතු වීම නිසා හෘද රෝග ඒකකයේ දැඩි සත්කාර ඒකකයේ රඳවා තබාගෙන ප්‍රතිකාර ලබාදීම සිදු කරන බවද ඇය පවසා සිටියාය.