අපවත් වී වදාළ අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ දේහය පශ්චාත් මරණ පරීක්ෂණයකින් තොරව ආදාහනය කිරීම සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු පංච පුද්ගල මණ්ඩලයක් පත්කොට ඇතැයි රහස් පොලීසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතාට ඊයේ (10දා) දැනුම් දුන්නේය.
|
අපවත් වී වදාළ මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ දේහය පශ්චාත් මරණ පරීක්ෂණයකින් තොරව ආදාහනය කිරීම සම්බන්ධයෙන් සොයාබැලීමට කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු පංච පුද්ගල මණ්ඩලයක් පත්කොට ඇත.
|
උඩුවේ ධම්මාලෝක හිමියන් විසින් සෝභිත හිමියන්ගේ දේහය පශ්චාත් මරණ පරීක්ෂණයකින් තොරව ආදාහනය කිරීම සැකසහිත බව පවසමින් කරන ලද පැමිණිල්ලකට අනුව ආරම්භ කළ පරීක්ෂණයේ ප්‍රගතිය වාර්තා කරමින් රහස් පොලීසිය මේ බව දැනුම් දුන්නේය. මෙම සිද්ධියට අදාළ පැමිණිල්ල මීට පෙර අවස්ථාවක කැඳවූ අවස්ථාවේ දේහය පශ්චාත් මරණ පරීක්ෂණයකින් තොරව ආදාහනය කිරීම පිළිබඳව සොයා බලා අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ජාතික රෝහලේ අධ්යක්ෂවරයාට නියෝග කළේය.
ඒ අනුව මෙම පංච පුද්ගල පරීක්ෂණ මණ්ඩලය පත්කොට ඇති බවද රහස් පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේය.සිද්ධියට අදාළව කරනු ලබන පරීක්ෂණවල ප්‍රගතිය අධිකරණයට දැනුම්දෙන ලෙසද මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් රහස් පොලීසියට නියම කළේය.