අපවත්වී වදාළ මාදුළුවාවේ සෝභිත හිමියන් වෙනුවෙන් මතුගම ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ උන්වහන්සේගේ පිළිරුවක් ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීමේ උත්සවය ඇමැති මැතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් අනිද්්දා (06දා) පස්වරුවේ සිදුකිරීමට යොදා තිබුණද මතුවූ විරෝධතා නිසාවෙන් එම කටයුත්ත තවකාලිකව අත්හිටුවීමට පියවර ගත් බව මතුගම ප්‍රාදේශීය සභාවේ ලේකම් අශෝක රණසිංහ මහතා පැවසීය.
ශ්‍රවණාගාර භූමිය තුළ ඉදිකිරීමට යෝජිත සෝභිත හිමියන්ගේ පිළිරුව සම්බන්ධයෙන් විරෝධතා පුවරු අලවා තිබීම නිසා බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා එම කටයුත්ත තාවකාලිකව අත්හිටුවීමට තමන්ට දැනුම් දුන් බව ඒ මහතා පවසා සිටියේය.
ඉදිරියේදී ප්‍රධාන අමාත්‍යවරයා විසින් ලබාදෙන උපදෙස් අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවත්, මෙම ශ්‍රවණාගාර භූමියේ අයුතු ලෙස ඇතුළුවීමට ඉඩනොදෙන ලෙස මතුගම පොලීසියට දැනුම් දුන් බවත් ලේකම්වරයා සඳහන් කළේය.
එම්.එම්. මද්දුමගේ - මතුගම