සෝභිත හිමි අපවත්වී තුන් මසයි
අපවත් වී වදාල සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ හිටපු කැදවුම්කරු සහ කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමිපාණන් වහන්සේට පිං පැමිණිවීමේ තෙමස් පූර්ණ පිංකම ඊයේ (07) කෝට්ටේ ශ්‍රී නාගවිහාරස්ථාණයේ දී පැවැත්විණ.
මෙහිදී සියක් නමකට අධික මහා සංඝරත්නයට සපිරිකර සංඝගත දක්ෂිණාවක් පිරිනැමීම ඇතුළු පිංකම් රැසක් සිදු කිරුණු අතර අස්ගිරි මහා නාහිමි පූජ්‍ය ගලගම අත්තදස්සී මහා නායක හිමියෝ, මල්වතු පාර්ශවයේ අනු නායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි අනුනායක හිමියෝ, ශ්‍රී ලංකා අමරපුර නිකායේ මහා නායක පූජ්‍ය අග්ගමහා පණ්ඩිත දවුල්දෙන ඥාණීස්සර මහා නාහිමියෝ, ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝසභාවේ කෝට්ටේ පාර්ශවයේ මහා නායක ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහානායකහිමියෝ ඇතුළු නායක ස්වාමින් වහන්සේලා රැසක් මෙම අවස්ථාවට වැඩමකලහ. පාර්ලිමේන්තුවේ කථානායක කරු ජයසුරිය මහතා ප්රමුඛ විශාල ගිහිපිරිසක් ද මෙම සඳහා එක්ව සිටියහ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

