(UPDATE) සොලමන් දූපත්වලට ඔබ්බෙන් සාගරයේ ඇති වූ රික්ටර් පරිමාණ 7.8ක ප්‍රබල භූ කම්පනයෙන් පසුව සුනාමි අවදානම පහව යයි.
සොලමන්ස්, වනවාටු, පැපුවා නිව්ගිනියා, නාවුරු, නිව් කැලඩෝනියා, ටුවාලු සහ කොස්රාඒ යන දූපත්වලට සුනාමි බලපෑමක් සිදුවිය හැකි බවට පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය මුලින් අනතුරු ඇඟවීමක් කර තිබුණත්, පසුව එම අවදානම පහව ගොස් ඇති බව දැන්වීය.
සෙලමන් දූපත්වලට කිලෝ මීටර් 70ක් පමණ ඔබ්බෙන් මුහුදෙහි ග්‍රිනීච් වේලාවෙන් පස්වරු 5.40 ට පමණ ඇති වූ මෙම ප්‍රබල භූ කම්පනයෙන් අනතුරුව පසු කම්පන රැසක් ඒ අවට දූපත්වලට දැනී තිබුණි.
භූ කම්පනය හේතුවෙන් ඇතැම් ප්‍රදේශවල විදුලි බලය හා දුරකථන සම්බන්ධතා ඇණහිට තිබූ බවද පෙන්වා දෙයි.
මුලින් 7.7ක භූ කම්පනයක් ලෙස ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය විසින් හඳුන්වාදී තිබූ මෙම භූ කම්පනය පසුව 7.8ක ප්‍රබල භූ කම්පනයක් බව වාර්තා කර තිබුණි. කෙසේ වෙතත්, භූ කම්පනය හේතුවෙන් සිදුවූ ජීවිත හානි පිළිබඳ වාර්තා නොවීය.
සොලමන් දූපත් භූ කම්පාවක් හා සුනාමි අනතුරු ඇඟවීමක්
සොලමන් දූපත්වලට ඔබ්බෙන් සාගරයේ ඇති වූ රික්ටර් පරිමාණ 7.7ක භූ කම්පනයෙන් පසුව සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
සොලමන්ස්, වනවාටු, පැපුවා නිව්ගිනියා, නාවුරු, නිව් කැලඩෝනියා, ටුවාලු සහ කොස්රාඒ යන දූපත්වලට සුනාමි බලපෑමක් සිදුවිය හැකි බවට පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් දන්වා තිබේ.
සෙලමන් දූපත්වලට කිලෝ මීටර් 70ක් පමණ ඔබ්බෙන් මුහුදෙහි මෙම ප්‍රබල භූ කම්පනය ඇති වී තිබේ.