පවතින අධික වර්ෂා සහිත කාලගුණය හේතුවෙන් යම්කිසි පිරිසක් විසින් ජලගැලීම් ඇති වූ ප්රදේශවල නිවෙස් හා විවිධ ආයතනවල බඩු බාහිරාදිය සොරකම්කරන බවට තොරතුරු වාර්තාවේ.
ජල ගැලීම්වලට හසු වූ ප්රදේශ තුළ වැඩිවශයෙන් මෙම සිදුවීම් වාර්තා වන අතර, එවැනි සිදුවීමක් පිළිබඳ තොරතුරු වාර්තා වේනම් ළඟම පිහිටි පොලිස් ස්ථානයට හෝ 119 දුරකථන අංකයට දන්වන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.