දැදුරු ඔයෙහි ජල දූෂණය පිළිබඳ සොයාබැලීමට ගිය පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ නිලධාරීන් පිරිසකට කොබෙයිගනේ පිහිටි කොහුබත් කර්මාන්ත ශාලාවක සාමාජිකයන් පහරදුන් බව පවසමින් එම මධ්‍යස්ථානයේ රවින්ද්‍ර කාරියවසම් මහතා අද (14දා) මානව හිමිකම් කාර්යාලයට පැමිණිලි කළේය.
මේ පිළිබඳව කොබෙයිගනේ පොලීසියට පැමිණිලි කළද ඔවුන් නීතිය ක්‍රියාත්මක නොකළ බව පවසමින්, මෙසේ මානව හිමිකම් කොමිසමට පැමිණිලි කර ඇත.