විගමනික ශ්රමිකයන් සම්බන්ධයෙන් වූ සේවා ගිවිසුම් අත්සන් කිරීමේ ඒකකය අද(31) සිට අහෝසි කරන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. ඒ අනුව මින් ඉදිරියට එම ගිවිසුම් අත්සන් කිරීම රැකියා නියෝජිතයින් සහ ශ්රමිකයන් අතර පමණක් සිදුකෙරෙනු ඇති. මීට පෙර විගමනික ශ්රමිකයන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරියෙකු ඉදිරියේද සේවා ගිවිසුම් අත්සන් කරීම සිදුවිය. නමුත් ශ්රමිකයන්ට සිදුවන අපහසුතා සලකා බලා එය අහෝසි කළ බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩිදුරටත් පැවසීය.