දුම්රිය වැඩවර්ජනයක් සිදුවුවත් අද උදේ කාලයේ ධාවනය නොවූයේ දුම්රියන් දෙකක් පමණක් බව අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරී ආචාර්ය විජය සමරසිංහ මහතා සඳහන් කළේය.
දුම්රිය එංජින් කිහිපයකට අලාභ හානි කර තිබෙන අතර, දුම්රිය කිහිපයක විදුලි කේබල් කපා දමා තිබෙන බවත්, මේ පිළිබඳව පොලීසිය හා දුම්රිය දෙපාර්තමේන්තුව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බවත් ඒ මහතා පවසා සිටියේය.
අද (30දා) දිනය තුළදී අනියම් ආදේශක කොන්ත්‍රාත් සේවකයන් සේවයට වාර්තා කළ යුතු බවත්, එසේ නොවුණහොත් ඔවුන් සේවය අතහැර ගියා සේ සලකන බවත් හෙතෙම පවසා සිටියේය.
දුම්රිය ධාවනයේදී සුළු ප්‍රමාදයක් තිබුණත් සේවාව නිසි ලෙස පවත්වාගෙන යෑමට අවශ්‍ය කටයුතු කර තිබෙන බවද ඒ මහතා කියා සිටියේය.