මේ වනවිට ක්‍රියාත්මක වැඩ වර්ජනය නිමාකර නැවත සේවයට පැමිණෙන ලෙස සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා නිවේදනයක් නිකුත් කරමින් වෘත්තීය සමිති වෙතින් ඉල්ලා සිටියි.
සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්න විසඳාගැනීමේ ප්රතිපත්තියක අමාත්‍යාංශය සිටින බැවින්ද, වෘත්තීය සමිති විසින් කළ ඉල්ලීම් සම්බන්ධව අවශ්‍ය සියලු කටයුතු සිදුකරමින් පවතින බැවින්ද මෙම ඉල්ලීම කරන බව අමාත්‍යවරයා සිය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.