නිවාඩු නොලබා හමුදා සේවය අතහැර ගොස් සිටින හමුදා සාමාජිකයන්ට නීත්‍යානුකූලව ඉවත්වීමට ලබා දී තිබෙනා පොදු සමා කාලය තුළ රෙජිමේන්තු වෙත වාර්තා කිරීමේදී සෑම දිනකම උදේ වරුවේ වාර්තා කරන ලෙසත්, එසේ වුවහොත් එදිනම සේවයෙන් ඉවත්වීමට අදාළ ලිපි ලේඛන ලබාගත හැකි බවද හමුදා මූලස්ථානය සඳහන් කරයි.
එසේ නොමැති වුවහොත් අදාළ ලිපි ලේඛන සකස් කර ගැනීම සඳහා තවත් දිනක් දින දෙක තුනක කාලයක් ගත විය හැකි බවද යුද හමුදා මාධ්‍ය අධ්‍යක්ෂක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා සඳහන් කළේය.
අප්‍රේල් 02 වැනිදා සිට 25 වැනිදා දක්වා මෙම පොදු සමා කාලය ක්‍රියාත්මක බවත්, මේ අනුව මේ වනවිට හමුදා සේවයෙන් ඉවත්වීමට හමුදා සාමාජිකයන් 16900ක් තම රෙජිමේන්තු වෙත වාර්තා කර තිබෙන බවද ඒ මහතා පවසා සිටියේය.
එම පිරිසෙන් 12000කට අධික පිරිසක් හමුදා සේවයෙන් ඉවත්වීමේ නීත්‍යානුකූල ලිපි ලේඛන ලබාගෙන ඇතැයිද හෙතෙම සඳහන් කළේය.