සේයා සදෙව්මි ඝාතන නඩුවේ තීන්දුව එළඹෙන 15 වැනිදා ප්රකාශයට පත්කරන බව බස්නාහිර පළාත්බද මීගමුව මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මිය අද (03දා)ප්රකාශ කළාය.
පසුගිය වසරේ සැප්තැම්බර් මස 11 වැනිදා සේයා සදෙව්මි දැරිය නිදි ඇඳේ සිටියදී පැහැරගැනීමට ලක්වූ අතර,13 වැනිදා ඇගේ නිරුවත් මළසිරුර නිවසට තරමක් නුදුරින් ඇළ මාර්ගයක් අසබඩ තිබීයදී සොයාගනු ලැබීය.
සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැනුණු ඉලන්දාරි පේඩිගේ සමන් ජයලත් යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් ඉකුත් නොවැම්බර් මස 23 වැනිදා ලඝු නොවන නඩු විභාගයක් නොපවත්වා කෙළින්ම මහාධිකරණය හමුවේ අධිචෝදනා නගනු ලැබීය.