සේයා දැරියගේ ශරීරයේ තිබී සොයාගත් ඩී.එන්.ඒ. කොටස් හා සංසන්දනය කිරීමට ජීන්ටෙක් ආයතනය වෙත ලැබී තිබෙන දැරියගේ පියාගේ සහ අවසන් වරට පොලීසිය අත්අඩංගුවට ගත් සැකකරුගේ ඩී.එන්.ඒ. පරීක්ෂණ අද (13දා) දිනය තුළ අවසන් කරන බව ජින්ටෙක් ආයතනය සඳහන් කරයි.
එම දෙදෙනාගේ පරීක්ෂණ වාර්තා ඉන් පසුව මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවද එම ආයතනයේ වෛද්‍ය රුවන් ඉලේපෙරුම මහතා සඳහන් කළේය.