කොටදෙණියාව සේයා සදෙව්මි දැරිය ඝාතනය කිරීම සම්බන්ධයෙන් මුලදී අත්අඩංගුවට ගත් පාසල් සිසුවාගේත්, එක්දරු පියාගේත් ජාන හා සේයා දැරියගේ ජාන නොසැදෙන බව ජීන් ටෙක් ජාන පර්යේෂක මධ්‍යස්ථානය දැනුම් දී තිබෙන බව මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් රුවන්පතිරණ මහතා ප්‍රකාශ කර තිබේ.
ඒ අනුව ඔවුන්ව නිදහස් කරන ලෙස රහස් පොලීසිය අධිකරණයෙන් ඉල්ලා තිබෙන අතර ඔවුන් උසාවියට ඉදිරිත් කිරීම සඳහා රැගෙන ඒමට බන්ධනාගාර නිලධාරීන් මිගමුව බන්ධනාගාරයට ගියේය.
සිද්ධියේ ප්‍රධාන සැකකරු වන කොන්ඩයා නොහොත් දුනේෂ් ප්‍රියශාන්ත මේ වන විට පොලිස් අත්අඩංගුවේ පසුවෙයි.