සේයා සදෙව්මි පස් හැවිරිදි දැරිය නිදි ඇදේ සිටියදී පැහැරගෙන ගොස් කෙළෙසා මරා දැමීම සමබන්ධ නඩු වාර්තාවේ යතුරු ලියන දෝෂ සටහන් නිවැරදි කිරීම මෙම මස 24 වැනිදා පෙරවරු 8.00 ට වැඩිදුරටත් යලි ආරම්භ කිරීමට පියවර ගන්නා ලෙස බස්නාහිර පළාත්බද මීගමුව මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මිය අද 19 පස්වරුවේ නියෝග කලාය.
බස්නාහිර පලාත්බද මීගමුව මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මිය ඉදිරියේ අද 19 පෙරවරුවේ මෙම නඩුව කැදවුනු ලැබූයේ පැමිනිල්ලේ හා විත්තියේ සාක්කි ඉදිරිපත් කර අවසන් කිරීමෙන් පසු නඩු වාර්තාවේ යතුරු ලියන වැරදි ඇතොත් නිවැරදි කිරීම සදහාය. මෙම නඩුවේ විත්තිකරු වන ඉලන්දාරි පේඩිගේ සමන් ජයලත් නැමැත්තා බන්ධනාගාරය මගින් ඉදිරිපත් කරනු ලැබීය.
පැමිනිල්ල වෙනුවෙන් නීතිපතිවරයා නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් අයේෂා ජිනසේන මෙනවිය පුරා පැය පහකට ආසන්න කාලයක් තිස්සේ නඩු වාර්තාවේ දෝෂ නිවැරදි කිරීමට පියවර ගන්නා ලද අතර විත්තිකරු වෙනුවෙන් රජයේ වියදමින් පත්කෙරුනු නීතිඥ චතුර අමරතුංග මහතාද ඒ සදහා සහාය දැක්වීය.
මීගමුව අධිකර්ණ වෛද්‍ය විශේෂඥ එම්.එන්.රුහුල් හක් මහතාගේ හා ඞී.එන්.ඒ තාක්ෂණය පිලිබදව ජින්ටෙක් ආයතනයේ ආචාර්ය රුවන් ඉලේපෙරුම මහතා සාක්කියේදී සදහන් කළ විද්‍යාත්මක කරුනු සම්බන්ධයෙන් නඩු වාර්තාව නිවැරදි කිරීමට වැඩි කාලයක් ගතවූයේය.
පසුගිය වසරේ සැප්තැම්බර් මස 11 වැනිදා සේයා සදෙව්මි දැරිය නිදි ඇදේ සිටියදී පැහැර ගැනීමට ලක්වූ අතර 13 වැනිදා ඇගේ නිරුවත් මළ සිරුර නිවසට තරමක් නුදුරින් ඕතර වෙල් යායේ අරවින්දවත්ත ඇළ මාර්ගයක් අසබඩ තිබීයදී සොයා ගනු ලැබීය.
විත්තිකරු වන ඉලන්දාරි පේඩිගේ සමන් ජයලත් යන අයට එරෙහිව 2015 සැප්තැම්බර් මස 11 වැනිදා හෝ ඊට ආසන්න දිනයකදී බඩල්ගම දී බාල වයස්කාරියකවූ සේයා සදෙව්මි බක්මීදෙණිය යන අය මරණයට පත් කිරීම සදහා හෝ මරණය ලැබීමේ අන්තරායකට භාජනය විය හැකි ලෙස ඇගේ නිීත්යානූකූල භාරකාරියවූ හදින්නාපොල අප්පුහාමිලාගේ සමන්ති රේණුකා යන අයගේ භාරකාරත්වයෙන් එම දැරිය අපහරණය කිරීම, එකී කි‍්‍රයා කලාපයේදීම බාල වයස්කාරියවූ එම දැරිය දුෂණය කිරීමේ වරද සිදුකළ බව, එකී කි්රයාකලාපයේදීම ලිංගික තෘප්තිය ලබා ගැනීම සදහා බරපතල ලිංගික අපයෝජනය කළ බව හා එකී දැරියගේ මරණය සිදු කිරීමෙන් මීනිමැරීමේ වරද සිදු කළ බවට අධි චෝදනා හතරක් ගොනු කරනු ලැබ තිබිණි.
නඩු විභාගය ආරම්භයේදී විත්තිකරු පැහැරගෙය යාම හා ¥ෂණය කිරීීමේ චෝදනාවන් ට වරද පිලිගනු ලැබීය. නඩු විභාගය විත්තිකරුගේ ඉල්ලීම මත ජූරි සභාවක් රහිතව සිදු කෙරුනුි.
මෙම අපරාධයේ බිහිසුනු ස්වභාවය හා ඊට එල්ලවූ ජනතා විරෝධය සැලකිල්ලට ගනිමින් මහේස්ත්‍රාත් අධිකරණයේ ලඝු නොවන නඩු විභාගයක් නොපවත්වා කෙළින්ම මහාධිකරණය හමුවේ මෙසේ අධි චෝදනා ගොනු කරනු ලැබුවේ නීතිපතිවරයාට පැවරී ඇති සුවිශේෂි බලතල යටතේය.
මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි සහ මීගමුව ඩබ්ලියු. හියුබට් ප්ර්රනාන්දු