සේද මාවත විශ්වවිද්‍යාල ජාලයේ 25 දෙනෙකුගෙන් සමන්විත අධ්‍යක්ෂක මණ්ඩලයට කැලණිය විශ්වවිද්‍යාලය ඇතුළත් කරගෙන තිබේ.
විශ්වවිද්‍යාල 75 ක එකතුවකින් සමන්විත සේද මාවත විශ්වවිද්‍යාල ජාලයේ මහා සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා පීඨාධිපති මහාචාර්ය ඒ.එච්.එම්.එච්. අබයරත්න සහ විශ්වවිද්‍යාලයේ වෙබ් මාස්ටර් ආචාර්ය යූ.පී.කේ. ඈපා මහත්වරු සහභාගී වූහ.
සේද මාවත විශ්වවිද්‍යාල ජාලය පිහිටුවා තිබෙන්නේ පුද්ගල අසමානකම් මත වෙන්කිරීමට නොව, ඒවා තේරුම් ගනිමින් සියලු දෙනා අතර සහජීවනය ඇති කිරීමේ අරමුණ මූලික කරගනිමින් සේද මාවත විශ්වවිද්‍යාල ජාලයේ මහා සමුළුව කොරියාවේදී පැවැත්වූ අතර, එහිදී මෙම ඇතුළත් කරගැනීම සිදුකර තිබේ.