සෙවණගල හා පැල්වත්ත සීනි සමාගම් පුද්ගලික අංශයට පැවරීමට රජය කිසිදු තීරණයක් ගෙන නැති බව පාර්ලිමේන්තුවේ සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (06දා) පැවසීය.
අදාළ සමාගම්වල සේවකයන් අරඹා තිබුණු වර්ජනය අවසන් කිරීමට ඊයේ දිනයේදී තමා හමු වූ වෘත්තීය සමිති එකඟ වූ බවද සභානායකවරයා සඳහන් කළේය.
එම සමාගම්වල මුදල් අස්ථානගතවීමක් සිදුව තිබේන ම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ හැකි බවත්, සීනි සමාගම් පුද්ගලික අංශයට පැවරීමේ සූදානමක් ඇතැයි පැවසීම දේශපාලන සටන් පාඨයක් පමණක් බවද වැඩිදුරටත් පවසා සිටියේය.