අලුතින් ඉදිකිරීමට යන 'සෙවණ සරණ මාපිය දූදරු කැපකරු' නිවාස වැඩසටහන සඳහා ඊයේ (19දා) සහ අද (20දා) දිනයෙදී පෞද්ගලික සමාගම් 14ක් විසින් රුපියල් මිලියන 140ක් සෙවණ අරමුදලට බැරකළ බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
මෙම ව්‍යාපෘතිය යටතේ නිවාස 25 බැගින් වන උදාගම් ඉදිකිරීමට අවශ්‍ය ඉඩම් ලබාදෙන්නැයි සියලුම දිසාපතිවරුන්ට දන්වා තිබෙන බවත්, ඉල්ලුම ලැබෙන පරිදි ලබන සතියේ සිට නිවාස ඉදිකිරීම් ආරම්භ කරන බවත් අමාත්‍යවරයා පැවසීය.
නිවාස අමාත්‍යාංශයේ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, මෙම ව්‍යාපෘතිය සඳහා සෙවණ අරමුදලට ආධාර උපකාර කරන පෞද්ගලික සමාගම්වලට බදු සහනයක් ලබාදෙන බවය.