ලක් රජයේ ආරාධනාවක් අනුව දිවයිනට පැමිණ සිටින එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු හා අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා අතර හමුව හෙට (09දා) පැවැත්වීමට නියමිතය. හෙට පෙරවරු 9.30ට අරලිය ගහ මැදුරේදී මෙම හමුව සිදුවන බව අග්රාමාත්ය කාර්යාලය නිවේදනය කරයි.