සිව්දින නිල සංචාරයක් සඳහා අනිද්දා (06දා) දිවයිනට පැමිණෙන එක්සත් ජාතින්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු සිය සංචාරයේදී ආගමික නායකයන් හමුව සාකච්ඡා පැවැත්විමටද නියමිතය.
ජනපති මෛත්රීපාල සිරිසේන අග්රාමාත්ය රනිල් වික්රමසිංහ, විපක්ෂ නායක ආර්. සම්බන්ධන් හා රජයේ මැති ඇමතිවරු සමග ඔහු සාකච්චා පැවැත්විමට නියමිතය.
කුමරු 07 දා 08 දා යාපනයේ මෙන්ම ත්රිකුණාමලයේ සංචාරයක නිරතවීමට නියමිතය. එහිදී උතුරු හා නැගෙනහිර පළාත් මහ ඇමතිවරුන් හා ආණ්ඩුකාරවරුන් හමුවී සාකච්ඡා කිරිමටද නියමිතය.
එසේම අවතැන් වූ ජනතාව මෙන්ම මානව හිමිකම් කඩවීම් හරහා විපතට පත්වූ ජනතාව සමගද ඔහු සාකච්ඡා කරනු ඇත. සිය සංචාරය නිමවා 10 දා පෙරවරුවේදී කොමසාරිස්වරයා දිවයිනෙන් බැහැරව යාමට නියමිතය.