යුද හමුදා කාන්තා බළකාය මගින් සංවිධානය කරනු ලබන සෙබළි රූ රටා සිතුවම් දැක්මේ සමාරම්භක උත්සවය යුද හමුදාපති ලුතිනන් ජනරාල් ඒ.ඩබ්ලිව්.ජේ.සී. ද සිල්වා මහතා ප්රධානත්වයෙන් අද 24දා කොළඹ 07 ජාතික කලා භවනේදී විවෘත කෙරිණි.
එම අවස්ථාවට යුද හමුදාවේ ඉහළ නිලධාරීන් හා සෙසු නිලධාරීහු රැසක් ඇතුළු කාන්තා බළකායේ නිලධාරිනියෝ රැසක් සහභාගී වූහ.
මෙම සිතුවම් දැක්ම අද (24දා) හා හෙට (25දා) දෙදින තුළ පෙ.ව. 10.00 සිට ප.ව. 6.00 දක්වා පැවැත්වේ.