24 ක් තුවාල ලබති
ඌව පළාත් අපේක්ෂක සෙන්දිල් තොණ්ඩමන් මහතා ඡන්ද ප්රචාරක කටයුතුවල නිරතවීමෙන් සිටියදී ඔහු ගමන් කළ හැමර් රථයට යටවී එක් අයෙකු එම ස්ථානයේදීම මියගොස් අපේක්ෂකයා ඇතුළු 24 දෙනෙකු තුවාල ලබා බණ්ඩාරවෙල දිසා රෝහලටත්, දියතලාව මූලික රෝහලටත් ඇතුළත් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
එහිදී සෙනදිල් තොණ්ඩමන් මහතාද තුවාල ලබා බණ්ඩාරවෙල රෝහලට ඇතුළත් කර ඇති අතර, වැඩිදුර ප්‍රතිකාර සඳහා ඊයේ රාත්‍රියේම කොළඹට රැගෙන ආ බවද වාර්තා වේ.
මීට අමතරව හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවේ උප සභාපති අශෝක් කුමාර් සිංගමුත්තු මහතාද තුවාල ලබා රෝහල්ගත කර ඇත. බණ්ඩාරවෙල නගරයේ ප්රචාරක කටයුතුවල නිරත වූ ඔවුන්ගේම ආධාරකරුවන් පිරිසක් මෙම අනතුරට පත් ඇති බවත්, ඉන් කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතළ බවත්, මියගිය පුද්ගලයා බණ්ඩාරවෙල පූනාගල පාර යන ලිපිනයේ පදිංචි 45 හැවිරිදි ඇන්තනි ෆ්‍රැන්සිස් නම් පුද්ගලයෙකු බවත් පවසා සිටියි.
රථය පැද වූ රියදුරු පළා ගොස් තිබෙන අතර ඔහු අත්අඩංගුවට ගැනීමට පොලීසිය විශේෂ මෙහෙයුම් ආරම්භ කළ බවද වැඩිදුරටත් සඳහන් කරයි. බණ්ඩාරවෙල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
එස්.පී. නානායක්කාර